මල් යහනේ තනිවම

ඇඳි ප්‍රේම සිත්තම
බොඳවී ගියා මගෙ
අහසින් කඩා හල
අකල් මහ වැස්සට

ප්‍රේම කල නෙත් යුග
පියාගෙන කුරිරු‍ ලෙස
එකම එක මොහොතකට
නොබලාවි මා දෙස

රෝස මල් සයනයක
වැතිර ඔබ තනිවම
තෙත බරිත වී මගෙ
කඳුලින් ඔබේ වත 

සියල්ල ආදරෙන්
බෙදාගත් ඔබට මට
කිමද බැරි නිදනට
එක මල් සයනයක 

නැගෙන හිරු බසිනවා
පෙණ බුබුල බිඳෙනවා
ඒත් මගෙ දෙවියනේ
මෙච්චර ඉක්මනට... 

- Hima





2 comments:

  1. අපරාදේ එකම දවසේ මෙච්චර ගොඩක් පබ්ලිෂ් කලේ . ගොඩක් ඒවා මිස්වෙනවනේ

    ReplyDelete
  2. හ්ම්ම්ම් :)

    ෆොලෝවර් ගැජට් එක දැන් වැඩ කරන්නෙ නෑ :(
    ඊමේල් සබ්ස්ක්‍රිප්ශන් එකෙත් ෆීඩ්බර්නර් එරර් එකක්
    හැකි ඉක්මනින් ඊමේල් සබ්ස්ක්‍රිප්ශන් දෙන්නම් :)

    ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete