සරදම

ඉරි තැළුණු මහ පොළොව
ප්‍රේමයෙන් වැළඳගෙන
සිපගන්න වැහි බිංදු
ඔච්චම් කරනවා

බලාපොරොත්තු
වියලුණු
මගේ
දෙතොලට

උඹලා බලපං
ඇය මාව
සිපගන්නවා
ඔය වගේම
ළඟදීම...

- Hima


No comments:

Post a Comment