ඒ රුදුරු පරිච්ඡේදය

කවරයට
පෙම් බැඳ
කියවන්න
ළඟට ගත්
පටුන නැති
පොත නුඹ

සිය ගණන් පිටු
කියවීමි සිතුවෙමි
සියල්ල දත් බව

නොසිතූ මොහොතක
සුළඟට පෙරලුණු
එක් පරිච්ඡේදයක්
ඒ කියු කතන්දරය

අහස අඳුරු කරලිය
අකුණු සැර පිපිරිය
වැහි පොද ඇතිරිය
කොපුල් තෙමීය
කඳුලු වැසෙන්නට

උණූසුම් කරගෙන
පපුව බර කරගෙන
ගිලගත් සුසුම් පොද
හඬා වැලපෙනවා
දැක හඬන හදවත 

නැහැ නුඹේ වරදක්
පෙම් කලෙත් මම
රැවටුනෙත් මම
වැරදුනෙත් මට
ඉතින් දැන්
නුඹ අතහැර
යන්නෙත්
මම ~






නැගෙණියේ

නෙළුම්
පොකුණේ
පිහිනාගෙන
ඒවි ළඟටම
කියාගෙන
පෙම් කවි
ළා නෙළුමට
නෙලන තුරු
නටුවෙන්
සවන් පුරවයි
මිහිරි වදනින්

ඒහෙත්
නෙළුම්
නැගණිය
නොකරනු
අමතක,

නිතර මල්
අත දරන
මල් කරුට
ඔබ තවක්
එක මලක්
දිනකට
අත මිට
ගෙනෙන



දෝණියේ නො ඉල්ලනු ඇගෙන් දායාද

හිරු
මියෙන
නැකත ට
පෝරුව ට
ගොඩවෙන
මිල කළ
මනාලියක්

වීදි පලස මත
ඒ අත මේ අත
සක්මන් කරයි
අතැතිව පැද්දෙන
රේන්කෝ සළකුණ

ලොව තවම දන්නේ
ඇය ජරා ගෑණියක්
වල් කමට වීදියේ
ඒ මේ අත සරන
දන්නේ ඇයමයි
දෙතන පුඩු ගැන
නිරන්තරයෙන්
කිරෙන් තෙත්වෙන

සොයන්නේ ඇය
රජ සුවක් නොව
මනු ලොවක්
දෝණියට 
ඇගේ මඟ 
හිමි නොවන

~ Hima