ඒ රුදුරු පරිච්ඡේදය

කවරයට
පෙම් බැඳ
කියවන්න
ළඟට ගත්
පටුන නැති
පොත නුඹ

සිය ගණන් පිටු
කියවීමි සිතුවෙමි
සියල්ල දත් බව

නොසිතූ මොහොතක
සුළඟට පෙරලුණු
එක් පරිච්ඡේදයක්
ඒ කියු කතන්දරය

අහස අඳුරු කරලිය
අකුණු සැර පිපිරිය
වැහි පොද ඇතිරිය
කොපුල් තෙමීය
කඳුලු වැසෙන්නට

උණූසුම් කරගෙන
පපුව බර කරගෙන
ගිලගත් සුසුම් පොද
හඬා වැලපෙනවා
දැක හඬන හදවත 

නැහැ නුඹේ වරදක්
පෙම් කලෙත් මම
රැවටුනෙත් මම
වැරදුනෙත් මට
ඉතින් දැන්
නුඹ අතහැර
යන්නෙත්
මම ~






No comments:

Post a Comment