තනිකම වෙත ලියමි

සිත ගිලන්වි...
ඔබට තුරුල් වී....
උන් කලට තවමත්,
පෙම් කරමි රහසින්....
නැවත හමු නොවන වග,
දැනේ හදවතට මගේ....
හමුනොවේවා නැවතත්...
කිමද,
සදා හිමි ලෙස සිතුවත්,
හිමි නැත ඔබ මට....

නොලැබෙන බව දැන දැනම,
පෙම් කරමි මම එ නිසාම....
බැම්මකින් බැඳි ඇති නමුත් දැන්,,,
පෙම් කරමි තවමත් ඔබට මං.......

- සඳී - 



No comments:

Post a Comment