ඔක්තෝබර් 1

පොළොවේ ගසා
පැහැ‍රගෙන
දූෂණය කර
අතවර කර
වස පොවා
කපා කොටා
ගඟට දමා
සැමරුවෙමු
අපි දින
තුන්සිය
හැට හතරක්

තවත් එක දවසක්
දාමු කානිවල්
හොයාගමු
ඒකෙනුත්
කීයක් හරි

ළමයින්ට
මොන දිනද
දෙන දෙයක් කාලා
වෙන දෙයක් බලං හිටු

- Hima


No comments:

Post a Comment