බලහත්කාරය

පිපෙන්න දඟලන
නෙලුම් පොහොට්ටු
බලහත්කාරෙන්
පෙති දිගෑරලා
පූජාසනේ තිබ්බට
වීරයෙක් වෙන්නෑ
උඹ කවදාවත්

පිපෙන පොහොට්ටු
පිපෙන්න දියන්
පිපෙන වෙලාවට
හැලෙන පෙති
හැලෙන්න දියන්
හැලෙන වෙලාවට
ඈතින් ඉඳගෙන
ලස්සන දැකපන්
උඹත් වෙයි වීරයෙක්
ලොකෙට නෙමෙයි
උඹේ හදවතට

- Hima


No comments:

Post a Comment