ඉකිබිඳින ලක්මව

යදිමි මා ඔබ දෙපා
තවත් ගිනියම් රුධිරය
එපා මා මත හෙලන්න
සිංහල ද
දෙමළද
මුස්ලිම්ද
දන්නෑ
දැවුනා මා එකසේ
ඒ රුධිරයේ උණුසුමට

දැවි දැවී තිස් වසක්
දින දින නොමහැරී
ඉපදුනා මා මැරෙමින්
නිවුණු ඒ ගින්දර
නැවත අවුලා
සතුටු වන්නට
අඟුරු ගිනියම් කරන
කිසිවෙකුට
නොදෙනු මැන
මා යලි දවන්නට

- Hima

No comments:

Post a Comment