සීදේවී මුණ



ශල්ලි යෙපා නෝනා
යෙන්ඩ ශාස්තරයක් අහන්ඩ

ශීදේවී මූණ නෝනා
කොච්චර කළත්
නෑ නේද හොඳක්
තියෙනවා නෝනට
මළගිය බැල්මක්

බලමුද නිමිත්තක්
ඇන්නා වගේ කිරි ගහට
කියන්නම් හරියටම
දිගැරුනා පුස්කොළ පොතක්
නෝනා ඔය පිටුවෙ
යටම ඇති ගාන
තියන්ඩ බලන්ඩ
දෙයියනේ කියලා

හත් ඉලව්වයි
රුපියල් 500ක්

පරක්කු උනා
අපි එන ගමන්
එන්නම්

යන්නම්...
- Hima


No comments:

Post a Comment