බොඳවූ රාත්‍රිය

මත්වුනු
තරු කැට
එකිනෙක
පැටලෙන
මී දුම්
පාවෙන
බොඳවූ
රාත්‍රිය
එලිවිය
නග්න
සිහිනය
ඉන් එක්
තරුවක
සුවය
විඳ විඳ ~

- Hima


තාමත් එහෙමයි

කලු කෝට්
ටයි පටි
වැඩිහිටි
හිරකුටි
අස්සේ
දඟලන
ළපටි
සිහින
පොදි
තාමත්
එහෙමයි ~

(වායෝ ගයන 'අපි සැනසිල්ලේ' ගීතය ඇසුරින්)

මගේ වරද

ඉගිලෙන්න
නිදහසේ
මමයි නුඹට
තටු දුන්නෙ

ඉගිලෙන්න
වේගයෙන්
මමයි නුඹට
හුරු කලේ

මඟාරින්න
සතුරන්
මමයි නුඹට
ඉගැන්නුවෙ

ඒත් නුඹ
නිදහස් අහසට
ගියා වේගයෙන්
මාවම මඟහැර

තරහ නෑ මම
මඩකරින්ට
පිහාටු දුන්
මමයි වැරදි

- Hima


තනි තටුවෙන්

අත්තටු සිඳී
කඩාහල
ප්‍රේම
ෆීනික්ස්
කුරුල්ලා
අලු ගසා
නැගිට
පියඹාවී
ආයෙත්
ආකහේ
තනි තටුවෙන්

- Hima