දොරගුලු බිඳ සොරෙක්

කැඩී බිඳීගිය හදවත
යන්තම් එකතු කර
නොබි‍ෙඳෙන්න ආයේම
තිබ්බා පරිස්සමට
දුර ඈත එක්ටැම්ගේක

කරුමෙක මහත
දොරේ අගුල බිඳගෙන
සොරෙක් විත් ඇතුලට
සොරෙක් කිවුවට
සොරෙක් නෙමෙයි
සරෙක් මල් සරෙක්

විදලා අසරණ හදවතට
බලා ඉන්නවා කින්ඩියට


සෙල්ෆි

කෙල්ලෙක්
දැම්මොත්
සෙල්ෆියක්
එක්කලා
වැරහැළි
රෙද්දක් 

ලයික් 
පන්සීයයි
කමෙන්ට්
පනහයි

වාවු කියුට්
අමුතුම ලස්සනක්
වෙනස්ම එකක්

කමෙන්ට්
කියවන්නෙ
මුරුන්ගා
අත්තෙ 
අග ඉඳන්...


ගිනි මල

ගිනි මලේ
තොල් පෙති
ළඟට මා නාවේ
දැවී අලුවී
මියෙන්නට
බියේ නොව

දැවී අලු
වෙතොත්
සිහිනය
කෙසේ
දකින්නද
නැවත මා
මගේ සිහිනයේ
මගේ නොවන
මගේ මල

එයයි
මට
බිය

- Hima