'කනත්ත'

යන්න එපා උඹලා
කනත්තක් ළඟින්

වෛරය පතුරන
කුහක කම උතුරන
උඹලාට බයවේවි
මළ කඳන්...

උඹලා මොකට ද
බය වෙන්නෙ?

උන් ගාව නෑ
ඉරිසියාව!

උන් ගාව නෑ
කුහක කම!

උන් ගාව නෑ
පලිගැනීම!


වඳ ද ප්‍රේමය?

දෙ වසරක්
තෙ වසරක්
ඔබමා හදවත්
එක් වූවත්
එකිනෙක
වසන්තයේ
සිරියහනක

ගැබ් ගෙන
නැහැ ප්‍රේමය
ඔබ හද තුළ
තවම

කිමෙක්ද
කාරණය
වඳ ද
මගේ
ප්‍රේමය ~