පියා සහ දුව

දෝණියේ නුඹට වෙන
කොළු ගැටවු නොහිටියෙ ද
හතර හය නොවැටහෙන
ගෙවලයෙක් පටලගෙන
රස්සාවකුත් නැතිලු
විභාගෙත් ඇනගෙනලු
අත පයේ වැඩක් වත්
කොරගන්න දන්නැතිලු

පියාණනි නුඹ දන්න
තරම මගෙ කුමරු ගැන
විසිඅට දිනෙන් දින
කාලයක් තුරා මට
උන ලෙඩෙත්
හොඳ කෙරුවා
හමුවෙච්ච
ටික දොහට

- Hima


1 comment:

  1. බ්ලොග් ෆලෝවර් ගැජට් එක දාන්න

    ReplyDelete