ඇය ෆාතිමා



අයියලා මල්ලිලා
ගියා සුදු ඇඳගෙන
හැමදාම මම හිටියේ
හැංගිලා කුස්සියේ
ඒකලු දේව කැමැත්ත
යෝනියක් උරුම මට
පෑන පොත ඇකැපලු

කසාදෙන් පස්සෙ
දැන් ටිකක් හොඳයි මට
එදා මෙන් නොවෙයි
මල් පොකුරක පිපුන
එක මලක් වගේ උනත්
මමත් දැන් යනවා එලියට
සතියකට දෙකකට පාරක්
ඉස්පිරිතාලෙ 'ක්ලීනික්' එකට

ඒ යන අතරමඟ
දකිනකොට කිරිලියන්
නිදහසේ පියඹන
මුව වැසූ රෙදිකඩ
තෙමෙනවා අනන්තවාරයක්

උණුම උණු කඳුලු කැට
දෑසින් ගිලිහිලා
දෙකම්මුල් අතරින්
ගෙල දිගේ වෑහිලා
උරාගෙන රෙදිකඩට
එහෙම්මම වියලෙනවා

සායනයෙන් සයනයට
සයනයෙන් සායනයට
දරු පැටවු පෝලිමට
පඩි පෙළක් වගේ දැන්

කමක් නෑ ‍‍මොන දුකත්
ඉවසනවා මැරෙනකල්
මහාකාරුණිකයන්
ගන්නවලු
මාවත්
දේව ලෝකෙට
දෙව් සුව දෙන්න

- Hima


No comments:

Post a Comment