නූතන මනමේ කුමාරි

එදා නම් හොඳ ය
ඇය සාධාරණ ය
වැදි රජුට කඩුව දී
කුමරුට කොපුව වත්
දුන්නා ය

ඒත්
මට දුන්නෙ නෑ
කොපුව තබා
අල්පෙනෙත්තක් වත්

පසෙකට වී
හුරේ දැම්මා
වැදි රජුට
නූතන මනමේ කුමාරී

- Hima



No comments:

Post a Comment