පන්සලේ කෝලං

කැරලි දිග කෙස් වැටිය
මුව පුරා පිරුණු රැවුලය
ඉන වට රතු රෙදි කඩය
මොණර පිළ ඔහු අතම රැඳිනිය

දෙහි ගෙඩි කපනවා
සාත්තර බලනවා
හූනියං කරනවා
වස් කවි කියනවා

සීනුව ගහනවා
හිස වටේ වැනෙනවා
බුදුන්ගේ භූමියේ
කෝලමක් නටනවා

- Hima



2 comments: