දෙනෙත් පතිවත

හමුවෙන්න
ඉඩ නොදී 
නුඹ මගේ
දෙනෙතට
රකිනවද 
පතිවතක්
හිරි මල්
දෑස් යුග
ඉරි ඇඳුනි
පොළොව මත
නුඹ ළඟට
ඇදෙනකොට

හිටියත් හඟවගෙන
දුටුවා යන්තමින්
‍නිහඬ ඇගෙ දෑසේ
ගැඹුරේම නිධන් වූ 
මගේ වන දරුවන්ගෙ
බෝසත් අම්මාව

- Hima


රිදී තිර පිටපතක්

උනා නම්
අපේ ආදරෙත් 
රිදී තිර
පිටපතක්

ඔබත් මාව 
හැර නොයාවි
හැර ගියත් 
යලිත් ඒවී
නිරතුරුව 
මුණගැහේවී

හිසේ කෙස් 
පැහෙන තුරු
මා වෙනුවෙන් 
ඔබත් හිඳීවි
බාධක සියක් 
දහසක් මැද
කතාවේ අවසන
අපි අපට
තුරුළු වේවී

- Hima



අසෙනිය කුසුම

ෆ්ලෑශර්
පෝලිමට
සිපගත්තා
නුඹේ මුව

ලැබුණෙ නෑ
මට නුඹේ
සුවඳවත්
විඳින්නට

ඉරිසියා
හිතුනා
පුහුදුන්
මගෙ හිතට

කිමද මා
පෙම් කලා
මොහොතකට
ඔය ඔය රුවට

- Hima


දැනුනෙ නැහැ

තිළිණ කළ
රෝස මල
දෝතින් ගෙන
තුරුළු කරගත්තේ
ආදරෙන්මයි

දැනුනෙ නෑ
රෝස කටු
සිදුරු කරන්
මගේ දෑතම
ගලා ‍ගිය රුධිරය
ඉරුණු සපත්තුව
සිදුරු විනිවිද
දෙපා තෙමනතුරු ~

- Hima

ඇය

කියුටෙක්ස් මැකී ගිය
වෙහෙසකර ඇඟිලි තුඩු
වැළඳගෙන සුරත මගෙ
කිති කවා ඉඟි කරයි
නිවන්නට ප්‍රේම ගිනි ~

- Hima



කිරි බෝතලය

උණුහුම් කලා මා
තුරලට ගුලි වෙලා
හුරතල් උනා මා
දෝතට හිර වෙලා
කිරි ටික මට දීලා
ඔබ අවසන් උනා
සමාවෙන්න මට
හැපුනා ඔබේ
තන පුඩුව
ඒත්
ආදරෙයි මං
ගොඩාරියක්
මගේ  කිරි අම්මට

- Hima





මාසික ස්ට්‍රයික්

පෙරුම්පුරාගෙන
හීන මවාගෙන
එනවා හැමදාම
නොවැරදීම
වෙලාවටම
ඒත් මාසෙට
දවස් දෙකක්
ඔබත් ස්ට්‍රයික්
අපේ ගෙදර
ගෑණි‍ වගේම

රුහුණූ කුමාරිය ~

- Hima


කිසාගෝතමියක් නොවේවි

හුදකලා
මල් වැලට
කලකින් ආ
පොහොට්ටුව

පිපෙන්ත් කලින්
පර වී ගිලිහුනා
මල් වැලෙන්
මහ පොළොවට

හැඬුවෙ නැහැ ඇය
කිසාගෝතමියක්ව
පොහොට්ටුව
බදාගෙන

වදයි ඇය
තව මලක්
පිපේවී එය
ළඟදිම...

- Hima




අනතුරු සහිතයි!

සිපගන්න
රොන් ගන්න
ඉඟි කරයි
සුවඳ මට
පැණි බොන්න
එන බඹරු
ගිලගන්න
බාඳුරා ~

- Hima