දෙනෙත් පතිවත

හමුවෙන්න
ඉඩ නොදී 
නුඹ මගේ
දෙනෙතට
රකිනවද 
පතිවතක්
හිරි මල්
දෑස් යුග
ඉරි ඇඳුනි
පොළොව මත
නුඹ ළඟට
ඇදෙනකොට

හිටියත් හඟවගෙන
දුටුවා යන්තමින්
‍නිහඬ ඇගෙ දෑසේ
ගැඹුරේම නිධන් වූ 
මගේ වන දරුවන්ගෙ
බෝසත් අම්මාව

- Hima


No comments:

Post a Comment