කිසාගෝතමියක් නොවේවි

හුදකලා
මල් වැලට
කලකින් ආ
පොහොට්ටුව

පිපෙන්ත් කලින්
පර වී ගිලිහුනා
මල් වැලෙන්
මහ පොළොවට

හැඬුවෙ නැහැ ඇය
කිසාගෝතමියක්ව
පොහොට්ටුව
බදාගෙන

වදයි ඇය
තව මලක්
පිපේවී එය
ළඟදිම...

- Hima




No comments:

Post a Comment