ආදර පාලම

සේසතම යට කරලා
හැදුවෙ ආදර පාලම
ඔයා ළඟට එන්නයි

දැන් ඔයාම කියනවා
අනවසර ඉදිකිරීමක්ලු
මගේ ආදරෙත් ~

- Hima



පෙම් හසුන

වැහි වලාකුළකට
දුන්නෙ නැහැ මම
ලියූ පෙම් හසුන
රැගෙන යන්න
නුඹ ළගට...

වැහි වළාකුලක් වත්
එවන්න බයයි ළඟට
ඒ තරම් චපලයි උඹ
- Hima


වැරදීමක්

එක්ටැම් ගෙයි හිර කරලා
වටේටම අගුල් දාලා
ළඟින් යන කපුටන්ටත්
බිම ඉඳන් වෙඩි තියලා
හැදුවා මම උඹව
මගේ විතරක්
කරගන්න

ඔක්කොම හරි
එකක් ඇර
අමතක උනා මට
මම ආපු දොර වහන්න

-Hima