රෝස මල

පැණි බොනවා
සමනල්ලු
වටකරන්
රෝසමල

ඔහොම හිටු
වන බඹරා
හැංගිලා
බයේ
නටුවෙ
කටුවට
- Hima



මන්දාරම

ඔබ හිරු එළිය විය
මම වැහි අඳුර විය
අහස කියාවී 
නොගැලපේ
අප දෙදෙන

නවතින්න,
එපා හැරයන්න
ටිකක් ඉවසන්න
මහ වැහි අවසන
ඔබත් මමත් එක්ව
අඳිමු එකම 
දේදුන්නක්
ආදරේ පාටින්
අලුත් ආකහේ
- Hima