දෙගිඩියාවෙන්

හුළ‍ඟෙ පා වෙලා
දෝතට ඇවිදින්
පරසතු මල්
කුමාරියක්

දෑතේ ගුලි කර
රැක ගන්නද
ඊළඟ හුළඟට
යන්න ඉඩ
හරින්නද
හිත තවමත්
දෙගිඩියාවෙන්

හිත කියන්නෙම
යන්න දෙන්න
රැකගත්තත් අද
දිවි දෙවැනි කර
අතහැරයාවි ඇය
දෑත දිගහැරුණු දා
හුළ‍ෙඟේ ගසාගෙන ~
- Hima


දකින්නද කෙසේ

දකින්නට ඇස් ඇති මිනිසුන්
ඔ‍බේ කඳුලු නොදකිද්දි
අහන්නට කන් ඇති මිනිසුන්
ඔබේ ඉකිබිඳුම් නාසද්දි

දකින්නද කෙසේ
අහන්නද කෙසේ
පණ නැති ගහක්
ඔබේ කඳුලු යාතිකා

- Hima