දෙගිඩියාවෙන්

හුළ‍ඟෙ පා වෙලා
දෝතට ඇවිදින්
පරසතු මල්
කුමාරියක්

දෑතේ ගුලි කර
රැක ගන්නද
ඊළඟ හුළඟට
යන්න ඉඩ
හරින්නද
හිත තවමත්
දෙගිඩියාවෙන්

හිත කියන්නෙම
යන්න දෙන්න
රැකගත්තත් අද
දිවි දෙවැනි කර
අතහැරයාවි ඇය
දෑත දිගහැරුණු දා
හුළ‍ෙඟේ ගසාගෙන ~
- Hima


No comments:

Post a Comment