සරුංගලේ

සුළඟ කියාවී නුඹට
ගැලවෙන්න ඔය නූලෙන්
නිතරම පස්සට අදින

දිවුරාවී
අහස
පොළොව
රැගෙන
යන්නම්
උඩටම
අහසේ
මුදුනටම

ඒත් ඒ සුළඟම
සැඩ වෙනවා
මොහොතක
නූල නැති විගසම
රැගෙන ගොස්
අහසට
අතරමං
කරනවා
ගහක
අත්තක

- Hima


No comments:

Post a Comment