නික්ම යමි


ඔබ ඉන්න ඔහොමම
මම යන්නම් මෙතනින්
මහ රෑම තරු එළියෙන්

ඔබ මලක් කළ සිත
ආයෙමත් ගල් කරන්
බැස යන්නම්
සයනයෙන්

පහන් කණුව සේ
මඟ බලා ඉන්න
නෞකාවක්ව
මා යන මඟ

කඳුලින් උවත්
නොබලමි පසුපස
ඔබේ හදවතට
රිදුමක් වෙයි ඒ
අවසන් දසුන

පෝරකයට
දින ගණින
අපේ
අසම්මත
සිහිනය
මිය යනවා
කොහොමත්
ළඟදීම දවසක

- Hima


No comments:

Post a Comment