ලේ පිපාසය



උරහිසට තුරුළුව
මූනට එබී උන්
ඔය දෑස් කියු කතාව
කියෙවුවා මම
සීරුවට

නොඉඳුල් නොවූ
ඔබේ ලැම යට
ගැහෙන හදවත
දුටුවා මා ළඟ

ලේපිපාසිත නැයින්ගේ
කුලී සුදු පිරුවට කෑගසාවී
ඉල්ලා ඔබේ රුධිරය
ඕනෙම නම්
හෙළමු අපි රුධිරය
යහනම තෙමෙන්නට
ආදරේ නාමයෙන්
හදවත් සිදුරුකොට

- Hima


No comments:

Post a Comment