ටජ්මහල්

සත් මල් පොකුරක
එක් මලක් පමණි මම
මා ඔහු ගෙන ගියේ
හිමිසඳ දිවි සමඟ

දරුවන් සිවු දසක්
වැදුව මා කුස තුලින්
අවසන බිහි උනේ
මගෙම දිවි තොර කරන්

මා මිය යනකොටම
ගත්තා ඇයව සයනයට
මා එක කුස උපන්
මගේ ම නැගෙනියව

අරුමයකි අවසනට
අහස උස මහ මැදුර
ඉදිවිය මුම්ටාස්
ආදරේ නාමයට

- Hima 




No comments:

Post a Comment