සඳ රාහු ගිල්ල සඳ



එදා වන වන
පා‍රේ ගිය
කෙස් වැටිය
වහලා දැම්මේ
කවුද කියපන්
අයියේ කියා
එදා හිනැහුණු
සුදුම සුදු දත් ටික
වහලා දැම්මේ
කවුද කියපන්
කළුම කළු ගෝනියක
උඹව හිරකාරියක් කර
සතුටු වෙන්නේ
කවුද කියපන්

එදා උඹ හිනැහුණා
මගේ සඳවතී
අද උඹ අඬනවද
උගේ ෆාතිමා

ඒකත් පේන්නෑ
ගෝනියට වැහිලා

- Hima


No comments:

Post a Comment