මගේ දරු පැටවු

දවල් රැ නැතුව මං
දිය කරන් මගේ කය
වදන මගෙ දරු පැටවු
උදුර යනවා තවත් අම්මෙක්

ගෙනියන්නෙ පුදන්නලු
පිනෙන් නිවනට යන්නලු
පැටවුන්ට හරි සැලකිලිලු
මලට පූජාසනය උරුමලු

මගේ තුරුළේ වැදූ පැටවුන්
මගේ තුරුලේ පිපී හිනැහී
මගේ තරුළෙන් ගිලිහිලා
වැට‍ුනාම අපරාදෙලු

අම්මේ ඔබේ දරුවෙක්
පුදනවා ද ශාසනයට
බැරි ඔබ ඇයිද උදුරන්
යන්නේ මගේ දරුවන්

- Hima


No comments:

Post a Comment