වෛර නොකරමි

වෛර
නොකරමි
සමනලියට
මට තටු
නැතුවට

නොබිඳිමි
අත්තටු
සිර කර
තබනට

දෑත් දිගහැරිමි
ඉගිලෙන්නට
නිල් අහස
සොයාගෙන

රතු රෝස
පොකුරක්
හංගන්
හිඳිමි
නැවත
ආවොත්
නුඹට දෙන්නට...


No comments:

Post a Comment