හමුවෙමු නැවත

වැගිරෙති
පිසති  
කඳුලු වැල්

වෙහෙසෙයි
රඳන්නට
සුසුම් වැල්

එකත් පස් 
වී හිඳිති
මාරයා 

හදවත
නැවතිනි 
හනි හනික 
හෙලු සුසුම් 

එකවරම
සිරවුනි

තිර රෙදි වටවුනි
හදවත උඩට 
නැගි දෑත් 
වෙහෙසුනි

වෙදැදුන්ගේ
බර සුසුම
සපථ කරවිය

'මතු සම්බන්ධයි' 

හමුවෙමු නැවත භවයක


දෙපා සහ සපත්තුව

ගල් බොරලු ඇති තැන වැළඳගනී ඔබ
ගෙතුලට වෙද්දි ගලවා තබයි පසකින්
පරණ වූ දා හිමිවේවි කුණු බක්කිය
දෙපයට පෙම් නොකරන් කිසිදා සපත්තුව


ජෝ තිස්ස

කෝටි ගණනින්
ලොතරැයි දිනන්න
නැකැත් දෙනවා
පෙට්ටි කඩයක
කේන්දර බලන
ජෝතිස්ස මහතා